SLTC Logo

ව්‍යවහාරික තොරතුරු
තාක්ෂණ උපාධිය

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ මඟ පෙන්වීම යටතේ SLTC පර්යේෂණ විශ්වවිද්‍යාලය මඟින් පිරිනමන ව්‍යවහාරික තොරතුරු තාක්ෂණ උපාධි පාඨමාලාවත් සමඟ තරඟකාරී ලෝකයට සරිලන සාර්ථක රැකියාවකට මුල පුරන්න

දිවයින පුරා මධ්‍යස්ථාන 76 ක දී

ජාතික තරුණ සේවා සභාවේ හා ජාතික යොවුන් සේනාංකයේ එකමුතුවෙන්

පාඨමාලාව ඔබේ ළඟම ජාතික තරුණ සේවා සභා හෝ ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානයේදී ආරම්භ කරන්න.

මෙම උපාධි පාඨමාලාව ඔබට පුර්ණ කාලීනව මෙන්ම, ඕනෑම රැකියාවක හෝ වෙනත් අධ්‍යයන කටයුත්තක නිරතවන අතරේ වුවත් පහසුවෙන් කරගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසා ඇත .

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පළපුරුදු වෘත්තීයවේදීන් ගේ මග පෙන්වීම අනුව විශේෂයෙන් සැකසුනු විෂය නිර්දේශයකින් සමන්විත මෙම පාඨමාලාව ඉතා ප්‍රායෝගික හා රැකියා කේන්ද්‍රීය ඉගැන්වීම් ක්‍රියාවලියක් යටතේ මෙහෙයවීමට නියමිතයි.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විකාශනය හා අනාගත අවශ්‍යතාවන් සැලකීමට ගනිමින් දිවයිනේ ප්‍රමුඛ, තාක්ෂණ හා තොරතුරු තාක්ෂණ ආයතන වන SLASSCOM, TRACE හා FITIS යන ආයතනයන්හි පුර්ණ සහයෝගීත්වයෙන් නිර්මාණය කර ඇති මෙම උපාධි පාඨමාලාව අවසානයේ සිසුන්ට රැකියා පුහුණු අවස්ථා ලබදීමටද කටයුතු සම්පාදනය කොට ඇත.

පාඨමාලාවේ අවසන් වසරේ සීමාවාසික පුහුණුව සිසුන්ට තම අධ්‍යයන කටයුතු මෙන්ම සිය වෘත්තීය ජීවිතයද සාර්ථක කරගැනීමට අවශ්‍ය අභාශය හා පසුබිම සලසාදේ.


පාඨමාලා නියාමකත්වය : ආචාර්ය ඒම්. අස්මීර්


පාඨමාලා කාලය : වසර තුනයි


උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් අනුමත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් පිළිගත් උපාධියකි.

ඇතුලත් වීමේ සුදුසුකම්

උසස් පෙළ සඳහා ඕනෑම විෂය ධාරාවකින්  සියලු විෂයන් එක්වර සමත්වීම – සාමාන්‍ය සාමාර්ථ  තුනක්  (3S) හෝ ඉහළ සාමාර්ථයක්

පාඨමාලා ගාස්තු

ලියාපදිංචි වීම

පළමු මස පාඨමාලා ගාස්තුව (රු . 10,000) ගෙවා ලියාපදිංචි වන්න

පළමු වසර තුළ මාසිකව:

රු 10,250



දෙවන වසර තුළ මාසිකව:

රු 15,375



තෙවන වසර තුළ මාසිකව:

රු 20,500


රැකියා අවස්ථා

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සඳහා සිසුන් සූදානම් කිරීම වෙනුවෙන්ම සකස්කරන ලද මෙම පාඨමාලාව සාර්ථක වෘත්තිකයෙකු වීම සඳහා අවශ්‍ය දැනුම, කුසලතා හා ආකල්ප වර්ධනය කරගැනීමටද අවශ්‍ය මගපෙන්වීම ලබාදෙයි.

මෙම පාඨමාලාව සාර්ථකව නිමකරන්නා වූ සිසුන් හට පහත සඳහන් රැකියා අවස්ථා මෙන්ම තවත් බොහෝ රැකියා සඳහා අයදුම් කිරීමට හැකියාව ලැබේ.

මෘදුකාංග ඉංජිනේරු
මෘදුකාංග නිර්මාපක
ව්‍යාපෘති කළමනාකරු

ව්‍යාපාර විශ්ලේෂක


තොරතුරු තාක්ෂණ (IT) නිලධාරී
තොරතුරු තාක්ෂණ (IT) කළමනාකරු
වෙබ් අඩවි නිර්මාපක

ජංගම දුරකථන යෙදවුම් නිර්මාපක

වැඩි විස්තර සඳහා : 0707 866 866